Sony පෝන් එකට සොෆ්ට්වෙයා ගහමු



න්න එහෙනම් මං දැන් කියන්න යන්නේ කොහොමද සෝනි පෝන් එකකට සොෆ්ට්වෙයා ගහන්නේ / Flash කරන්නේ කියලා .
මොකද ඉතින් අපි ඔය මොකක් හරි මොඩ් එකක් කොරන්න ගිහින් පෝන් එකට කෙලවගත්තාම බැකප් එකකුත් තිබ්බේ නැත්තන්
මේකෙ පිහිට තමයි
ඒ. ඒ උනාට මේක නං ඉතින් දැන් ගොඩක් අය දන්නවා.ඒත් මේක දැම්මේ නැත්තන් මේ බ්ලොග් එකේ වැඩක් නෑනේ.මුලින්ම සරළ දේවල් වලින් පටන් ගන්න එපැයි ඉතින්.නේ. හැමෝම ඔයාලා වගේ පොෂ් නෑනේ :D 

    හරි හරි එහෙනම් මෙහෙමයි. මුලින්ම අපි පෝන් එකට අදාල ෆර්ම්වෙයා එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න එපැයි නේ. 

  • හරි ඔයාගෙ සෝනි පෝන් කට අදාල ෆර්ම්වෙයා එක මෙන්න මෙතනින් ගිහින් බාගන්නකෝ. 
  • දැන් ඉතින් මොකෙන්ද සොෆ්ට්වෙයා ගහන්නේ....හරි හරි එහෙනම් මෙතනින් ගිහින් Flashtool සොෆ්ට්වෙයා එකත් බාගන්නකෝ.....
    එහෙනම් බාගත්තු flashtool එක ඉන්ස්ටෝල් කර ගන්නකෝ....
ඊට පස්සේ අපි මුලින් බාපු ෆර්ම්වෙයා එක C:\Flashtool\firmwares කියන තැනට කොපි කර ගන්න . ඒ ෆයිල් එක තියෙන්න ඕනේ .ftf කියන type එකෙන් හොඳේ ..... සමහර ෆර්ම්වෙයා zip විදිහට compress කරලා ඇත්තේ ..ඒවා අන්සිප් කරලා .ftf ෆයිල් එක විතරක් ගන්න..

මේන්න මෙහෙම ....

හරි... ඊට පස්සේ අපි පෝන් කට අදාල ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න එපෑ...ඒකට C:\Flashtool\drivers කියන ෆෝල්ඩර් එක ඇතුලට ගිහින් ඒකෙ තියෙන Flashtool Drivers සෙටප් එක ඉන්ස්ටෝල් කරන්න .. ඉන්ස්ටෝල් කරද්දි තෝරන්න එයි ලිස්ට් එකක්..ඒකෙ තමන්ගෙ පෝන් මොඩ්ල් එකයි , Flashmode Drivers , Fastboot mod Drivers සිලෙක්ට් කරලා next කරන්න ......

හරි එහෙනම් අපි Flashtool ඉන්ස්ටෝල් කරලා ඉවරයි ...
දැන් තියෙන්නේ ඉතින් සොෆ්ට්වෙයා ගහන්න .....

WARNING : මතක ඇතුව පෝන් එක full චාර්ජ් කරලා ඉන්න 

දැන් ෆ්ලෑෂ්ටූල් එක run කරන්න(පෝන් එක දැන්ම කනෙක්ට් කරන්න එපා) 
බලන්න Device Disconnected කියලා ඇවිත්ද කියලා .... 
හරි එහෙමනම් ....වම්පැත්තේ උඩ තියෙන අකුණ ලකුණ  ක්ලික් කරන්න 


ඊට පස්සේ මෙහෙම එකක් එයි....


ඒකේ Flashmode තෝරලා ok කරන්න ....

පස්සෙ මෙහෙම වින්ඩෝ එකක් එයි....

 ඒකෙ තමන්ගෙ ෆර්ම්වෙයා එක තෝරලා මතක ඇතුව ඔය රතු පාටින් සිලෙක්ට් කරලා තියෙන එකට ටික් එකත් දාන්න .....

හරි දැන් පල්ලෙහා තියෙන Flash කියන එක ක්ලික් කරන්න ....

එතකොට Preparing files for flashing කියලා වැටෙයි...


එහෙම්මම විනාඩි 2-3 ක් ගියාට පස්සෙ පල්ලෙහා වගේ වින්ඩෝ එකක් එයි....


ඔහොම ආවට පස්සේ පෝන් එකේ Volume Down එක ඔබාගෙන පෝන් එක PC එකට කනෙක්ට් කරන්න (Menu Button තියෙන කස්ටිය Back Button එක ඔබාගෙන කනෙක්ට් කරන්න) හරියට කනෙක්ට් උනා නං ලයිට් බාර් තියෙන පෝන් වල ලයිට් එක කොල පාටින් පත්තු වෙලා පල්ලෙහා රූපේ විදිහට Flash වෙන්න පටන් ගනී...

 විනාඩි 2-3 කට පස්සෙ Flash වෙලා ඉවර වෙනවා....අන්තිමේට පල්ලෙහා රූපෙ රතු පාටින් සිලෙක්ට් කරලා තියෙන ටික එනකන් ඉවසලා ඉන්න ...... 


දැන් වැඩේ හරි...ඒක ආවා නම් පෝන් එක PC එකෙන් ගලවලා On  කරන්න .... 

    පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා යනවා...ඉවසාගෙන ඉන්න...ඔන්  වෙන්න වෙලා යනව කියලා Battery එක එහෙම ගලවන්න යන්න නං එපා පුතෝ ඇ......!   

   මේක ඔය ලොකුවට පෙනුනට හරියට තේරුම් ගත්තාම ඒ හැටි දෙයක් කරන්න නෑ....විනාඩි දහයක්වත් යන්නෑ වැඩේට :D 

    ඔන්න එහෙනං කස්ටිය කඩේට සල්ලි පුදලා කොරගන්න වැඩේ ගෙදර ඉඳන්ම නොමිලේ කරගත්තා.......

   අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සියලු වගකීම් තමා සතුයි ඈ...හරියට කලොත් ගොඩ...වැඩේ වැරදියට කරලා අනාගත්තට අපි එහෙම නෑ ඔන්න :D 

කමෙන්ට් එකක් එහෙම දාලා ගියාට තරහක් ඈ හොඳේ ;)

Comments

Popular posts from this blog

පට්ට ජෙලි රොමක් [Stock JellyBean 4.1.2 V6] SONY U එකට

Xperia U එකට ලේසියෙන්ම CWM රිකවරි දාමු

Xperia U එකට Kernel එකක් ගහමු