පට්ට ජෙලි රොමක් [Stock JellyBean 4.1.2 V6] SONY U එකට
ඔන්න හා හා පුරා කියලා පළවෙනි රොම් පෝස්ට් එක ඈ....මේක ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ..පට්ටම සුපිරි ජෙලි රොම් එකක්...මාත් වැඩිමකාලයක් ගහලාතිබ්බේ මේ රොම තමා.....දැක්කාමත් ආස හිතෙනවා.....
මේක එක්ස්පීරියා පී එකේ ස්ටොක් ජෙලි රොමෙන් පෝට් කරලා අපේ සෝනි U එකට හදලා තියෙන්නේ....ලොවෙත් ස්ටොක් ජෙලිම තමා...නමට විතරයි Unofficial :P
මේක සුපිරියි කියන්නේ,,,,
- ස්පීඩ් එක සුපිරි
- රැම් එකත් හොදට Clean කරන් ඉන්නවා
- පට්ට ලස්සනයි
- සිංහල ෆොන්ට් සුපිරියටම වැඩ
- ලයිට් බාර් එකත් ගින්දරටම වැඩ
- කියන්න තරම් බග් මුකුත් මට නම් සෙට් උන් නෑ (බග් නැති තරම්)
- Root Explorer එකත් වැඩ
හරි හරි වැඩි කතා ඕන්නෑ....ගහලම බලමු....
මේක ගහන්න නං අනිවා
- Root කරලා තියෙන්න ඕනි
- Bootloader අන්ලොක් කරලා තියෙන්න ඕනි
- CWM දාලා තියෙන්න ඕනි
කෝකටත් කලින් බැකප් එකකුත් අරන්ම ඉන්න..මොකක් හරි අවුලක් උනොත් රීස්ටෝ කරගන්න පුලුවන් එතකොට......
හරි එහෙනම් පටන් ගමු .......
මුලින්ම රොම් එක බාගන්නකෝ
ඊළඟට කර්නල් එක
- දැන් රොම් එක පෝන් එකට කොපි කර ගන්න
- ඊලඟට බාගත්තු කර්නල් එක Unzip කරගෙන boot.img එක Fastboot එකෙන් Flash කරගන්නකෝ......
- දැන් පෝන් එක OFF කරලා CWM මොඩ් එකට ගිහින්
- wipe data
- wipe cache
- wipe dalvik-cache කරලා
- install from sd card ගිහින් රොම් එක තෝරලා Flash කරන්න...
- Flash වෙලා ඉවර උනාම පෝන් එක Reboot කරන්න
පළවෙනි පාර on වෙනකොට කොහොමත් ටිකක්වෙලා යනවා .ඉවසලා ඉන්න......
on උනාට පස්සේ ආයෙත් සැරයක් පෝන් එක Reboot කරන්න....
දෙවෙනිපාර ඔන් වෙන්නත් විනාඩි 5-10 යයි...
එච්චරයි....
පෝන් එකඔන් වෙන්න පරක්කුයි කියලා බැට්ට්‍රිය ගලවලා ආයෙ දාලා උත්සාහ කරන්න යන්න එපා.... කලින් Steps ටික හරියට කලානම් අනිවා පෝන් එක ටික වෙලාවකින් ඔන් වෙනවා.....
එහෙනම් කස්ටියට රොම් එක ගහන්න කලින් බලන්නත් එක්ක ස්ක්‍රීන් ශොට් ටිකකුත් පල්ලෙහායින් දානවා....ඒවත් බලලාම ගහනවද නැදද කියලා තීරනය කරන්න .......
පොඩි වීඩියෝ කෑල්ලකුත් හැදුවා....ඒකත් බලලාම ගහන්නකෝ ඈ....
සියලුම වගකීම් තමා සතුය....හරියට කලොත් ගොඩ....
අත්හදා බැලීමේදි සිදුවන හානි වලට මම වගකියන්නේ නැත.













Comments
Post a Comment