Xperia U එකට Kernel එකක් ගහමු
ඔන්න මං දැන් කියන්න යන්නෙ කොහොමද ඉක්මනින් ම පෝන් එකට කර්නල් එකක් ගහන්නේ කියලා.මෙහෙම කර්නල් ගහන්න පුලුවන් සෝනි U එකට විතරක් නෙවේ ඈ.....!
මේකේ ගේමක් ම නෑ... ෆ්ලෑෂ්ටූල් එකෙන්මයි කරන්නත් තියෙන්නේ.....
මේක කරන්න ඔයාගේ පෝන් එක
අනිවා Root කරලා තියෙන්න ඕනි.
Bootloader අන්ලොක් කරලා තියෙන්න ඕනි හොඳේ
පෝන් එක හොඳට චාර්ජ් කරලා ඉන්න මතක ඇතුව....
හරි එහෙමනම් මුලින්ම ඔයාට ඕනි කර්නල් එක බාගන්නකෝ කොහෙන් හරි....
ඊට පස්සේ ෆ්ලැශ්ටූල් රන් කරන්න ..
(ෆ්ලෑශ්ටූල් එක නැත්නම් මෙතනින් ඒක ගන්න ....)
හරි...ඊට පස්සේ පෝන් එක off කරලා Volume Up බට්න් එක ඔබාගෙන පෝන් එක PC එකට කනෙක්ට් කරන්න ... හරියට කනෙක්ට් උනා නම් පෝන් එකේ ලයිට් බාර් නිල් පාටින් පත්තු වෙයි...ෆ්ලෑෂ්ටූල් එකේ Device connected in fastbood mode කියලා වැටෙයි....
දැන් පුරුදු විදිහට වම් පැත්තේ උඩ තියෙන අකුණ ලකුණ ක්ලික් කරන්න .....
ඊට පස්සේ මෙහෙම එකක් එයි...
ඒකේ Fastboot Mode තෝරන්න .....
OK කරන්න .....
ඊට පස්සේ පල්ලෙහා වගේ වින්ඩෝ එකක් එයි......
ඒකෙ Select kernel to flash ක්ලික් කරලා ඔයාගෙ කර්නල් එක තියෙන තැනින් තෝරලා දෙන්න මෙන්න මෙහෙම .....
ගොඩක් කර්නල් තියෙන්නේ .img ටයිප් එකෙන් නිසා කර්නල් එක පෙන්නුවේ නැත්තන් ඔය පෙන්නලා තියෙන විදිහට ෆයිල් ටයිප් එක .img විදිහට තෝරලා දෙන්න.....
දැන් ඔයාගෙ කර්නල් එක ඔය විදිහට සිලෙක්ට් කරලා Open ක්ලික් කරපු ගමන් ම කර්නල් එක ෆ්ලෑශ් වෙනවා පල්ලෙහා රූපේ වගේ...
තප්පර 5-10ක් වගේ තමා යන්නේ......
අන්තිමේට Flash operation Complete කියලා වැටුනා නම් වැඩේ ගොඩ.....
දැන් පෝන් එක PC එකෙන් ගලවලා අරන් ඔන් කරන්න .....
ඔයාගෙ කර්නල් එක ෆ්ලෑශ් වෙලා ඇති....
....සියලු වගකීම් තමා සතු ය....
වැඩේ ගොඩ ගියා නම් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා ඇ ........ ;)






Comments
Post a Comment