Xperia U එකට ලේසියෙන්ම CWM රිකවරි දාමු
දැන් කියලා දෙන්න හදන්නේ එක්ස්පීරියා යූ එකට කෝමද ගේමක් නැතුව CWM දාන්නේ කියලා ... මේක නම් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් අයට තමා.....
අනික් අය නම් දන්නවා ඇති නේ,,,
මේක කරන්න පෝන් එක අනිවා රූට් කරලා නම් තියෙන්න ඕනි හොඳේ.....
මං රූට් කරන හැටි ගැන නං කියන්න යන්නේ නෑ... මොකද දැන් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් තියෙන ඕනිම කෙනෙක් ඒක රූට් කරගන්න හැටි දන්නවානේ... අනික ඕනි තරම් නෙට් එකේ සර්ච් කරහම තියෙන්නේ ඔය... ඒ දන්නෙත් නැති නම් මෙතනින් නවීන්ගෙ පෝස්ට් එකට ගිහින් බලාගන්න රූට් කරන හැටි... සුපිරියටම තේරෙනවා....
හරි එහෙමනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු......
මුලින්ම මේන් මේ ෆයිල් කෑල්ල බාගන්නකෝ මෙතනින් .....
හරි එහෙනම් ඕක බාලා අන්සිප් කරගන්න කොහේට හරි...
ඊට පස්සේ පෝන් එක අතට අරන් යන්න Settings > Security වලට ..
ගිහින් ඒකෙ Unknown Sources වලට ටික් එක දාන්න (ඔන් කරන්න)
ඊට පස්සෙ ආයෙත් Settings > Developer Options වලට ගිහින් USB Debugging ඔන් කරන්න ....
ඕන් ඒකත් හරි....
දැන් අර ඩවුන්ලෝඩ් කරගෙන අන්සිප් කරගත්තු ෆයිල් එකට යන්න ...
ගියාම මේ වගේ පෙනෙයි....
හරි.... ඊට පස්සෙ ඔය සිලෙක්ට් කරලා තියෙන install කියන එක රන් කරන්න....
එතකොට මෙහෙම එකක් ඇවිත් Waiting for Device කියලා වැටෙයි ....
අන්න එතකොට ඔයාගෙ පෝන් එක (ඔන් එකේ තියෙද්දිම) PC එකට කනෙක්ට් කරන්න .....
ටික වෙලාවකින් පල්ලෙහා රූපේ වගේ ලෝඩ් වෙලා
Finished !
Press any key to Continue...කියලා වැටෙයි ... වැඩේ ගොඩ .. කීබෝඩ් එකේ කැමති button එකක් ඔබලා exit වෙන්න....
වැඩේ හරියටම හරිද බලන්න පෝන් එක රීස්ටාට් කරලා SONY ලොගෝ එක ආපු ගමන් Volume Down එක දිගටම ඔබ ඔබ ඉන්න.... :D
....සියලු වගකීම් තමා සතු වේ....
වැඩේ ගොඩ ගියා නම් කමෙන්ට් එකකුත් දාලම යන්න ;)




Giya giya goda ;-)
ReplyDeleteහෑ යකෝ ඇල් ජී එකටද උබ ගැහුවේ o.O
Deletepatta macho thank
ReplyDelete