Android පෝන් එකට සුපිරි සිංහල දාමු
ඔන්න දැන් අරන් ආවේ අපේ ගොඩක් කස්ටියට තියෙන අවුලකට විසඳුමක්....අපේ ගොඩක් අය පෝන් එකට සිංහල ෆොන්ට් ඉන්ස්ටෝල් කරගත්තට සමහර තැන් වලදි ඒවගේ ඉස්පිලි , පාපිලි , ඇලපිලි , අරවා මේවා ගොඩක් කෑලි නෑ....එක්කෝ තියෙන්නේ අකුරු දෙක තුනක් එහායින් :P කෑලි හැලිලා.....
එපා වෙනවනේ ඉතින් ඔව්වා දකිනකොට..හදිස්සියට ෆෙස්ස්බුක් එකේ පෝස්ට් එකක්වත් කියවගන්න බෑ.....
පෝන් එකේ සිංහල තියෙන තැනක ස්ක්‍රීන්ශොට් එකක් අරන් ෆේස්බුක් දාන්න බෑ....සිංහල පෝස්ට් එකක් හරියට දාගන්න බෑ....සිංහල වෙබ් පේජ් එකක් කියවගන්න බෑ....
හම්මේ ඉතින් ලෙඩ වාට්ටුවයි....
මටත් ඔහොම කාලයක් තිබ්බා....ඉතින් ඔහොම උනාම ඇතිවෙන තත්වෙ මට අමුතුවෙන් කියන්න ඕන්නෑනේ.....ඒකයි මං මේ පෝස්ට් එක ඔයාලටත් දැනගන්න දාන්න හිතුනේ.....
මෙහෙමයි මේකෙ විස්තරේ.....මං සිංහල ෆොන්ට් දෙකක් පල්ලෙහායින් දානවා....ආයෙ සුපිරිම සිංහල ෆොන්ට් දෙකක් ඉතින් ඈ...නම උඩ ක්ලික් කරලා කැමති එකක් බාගෙන CWM වලින් Flash කරන්නයි තියෙන්නේ....සුපිරි සිංහල ඕන් ඈ !!!
මොනව කරන්නත් කලින් බැකප් එකක් අරන් ඉන්න
- Sinhala Potha Font (ඉස්කෝලපොත නෙවේ ඈ)
Screen Shots -
Screen Shots -
කොහොමද ????? කැමති නම් බෑවා...ගැහුවා....
ඔන්න එහෙනම් සිංහල අවුලත් ඉවරයි ඇ....!!! අද ඉඳන් කස්ටියටම බෝල බෝල සිංහල :D
සියලු වගකීම් තමා සතුය...
අත්හදා බැලීමේදී වන හානි වලට මම වගකියන්නේ නැත..
කමෙන්ට් එකකුත් දාගෙන ගියාට තරහක් නෑ හොඳේ ;)
කමෙන්ට් එකකුත් දාගෙන ගියාට තරහක් නෑ හොඳේ ;)






ස්ථාපනය කරන හැටි කියන්නකෝ
ReplyDelete